FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකට බෝම්බ ප්‍රහාර තර්ජනයක්

(ෆාස්ට් නිව්ස් |  ඇමරිකාව) – බෝම්බ ප්‍රහාර සිදු කරන බවට ඇති වූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකක සිසුන් ඉවත් කර ගැනීමට පියවර ගැණුනා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ විශ්වවිද්‍යාල දෙකක ගොඩනැගිලි කිහිපයක බෝම්බ අටවා ඇති බවට ලැබුණු පණිවුඩයක් හේතුවෙන් මෙලෙස සිසුන් ඉවත් කර ගැණුනා. නිව්යෝර්ක් නගරයේ කොලොම්බියා හා කොනෙල් යන විශ්වවිද්‍යාලයන්හි බෝම්බ අටවා ඇති බවට ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද පසුව එම පණිවුඩය අසත්‍යයක් බව හෙළිව තිබෙනවා. මේ ආකාරයටම පසුගිය සිකුරාදා දිනයේ දී යේල් විශ්වවිද්‍යාලයේ බෝම්බයක් අටවා ඇති බවට පණිවුඩයක් ලැබී තිබුණා. පසුව එය ද අසත්‍යයක් බවයි හෙළි වූයේ.