FAST NEWS

24×7 Around the Globe

එකම රටකට යන අගමැතිගේ පුතුන් තුන්දෙනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුව ඇති අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආදී ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමත් සමගයි.

පසුගියදා අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා එම තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගියා.

කළුතර ක්‍රීඩා සමාජ පිල නියෝජනය කරමින් නාවික හමුදා පිල සමග පැවති මේ තරගයේදී ඔහු ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරු ලෙසටයි.

මේවන විට අග්‍රාමාත්‍යවරයාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ ද ඩුබායි වෙත ගොස් සිටින අතර වැඩිමහල් පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ඩුබායි වෙත යාමට සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.