FAST NEWS

24×7 Around the Globe

මුහුණු පොතේ තවත් වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆේස්බුක් සමාජ ජාලය පරිශීලකයින්ගේ පෞද්ගලික ආරක්ෂක හේතුන් මත අලුත් තීරණයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඒ මුහුණු පොතේ ඇති facial recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කිරීමයි.

මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබෙනවා.

පරිශීලකයන්ගේ රහස්‍යභාවය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි චෝදනා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම නිවේදනයෙහි සඳහන් වෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව මින් ඉදිරියට කිසියම් අයෙකු ෆේස්බුක් වෙත ඡායාරූපයක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු වන්නේ නැහැ.

facial recognition තාක්ෂණයත් සමග ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා පසුගිය කාල සීමාවේදී ගෙන තිබෙනවා.