FAST NEWS

24×7 Around the Globe

රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේ

(ෆාස්ට් නිව්ස් |  ඇමෙරිකාව) – රටවල් 33 ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට ලබන 08 වනදා සිට සිය දේශ සීමා විවෘත කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

ගුවන් ගමනට පැය 72 ක ට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ වාර්තාවක්ද ඔවුන් ඉදිරිපත් කල යුතුයි.

මේ අනුව පසුගිය වසරේ මුල භාගයේ සිට පැවති ඇමෙරිකාවේ දැඩි දේශ සීමා නීතී ලිහිල් වනු ඇති.

ගතවූ දින 14 තුළ මහා බ්‍රිතානයේ – චීනය – ඉන්දියාව – දකුණු අප්‍රිකාව – ඉරානය – බ්‍රසිලය ඇතුලු රටවල් කිහිපයක සිට ඇති අමෙරිකා පුරවැසියන් නොවන පුද්ගලයකන්ට ඇමෙරිකාවට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.

ඇමෙරිකාවේ නව තීරණය සම්බන්ධයෙන් ගුවන් සමාගම් රැසක් ප්‍රසාදය පළ කර තිබෙනවා.