FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති සහන නොදුන්නොත් ඉන්දන මිල වැඩි කරනවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව ශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්දීය ලංකා තෙල් සමාගමත්, ඛණිජ තෙල් සංස්ථාවත් ඉන්ධන මිල වැඩිකිරීම සදහා අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කර ඇතැයිද ඔහු පැවසීය.

දැනටමත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ඇති බවද පැවසූ ඔහු මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවද කියා සිටියේය.