FAST NEWS

24×7 Around the Globe

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.

අදාළ දේවස්ථානයේ ඊයේ සිදු වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50කට අධික පිරිසක් මියගොස් තවත් සිය දෙනෙකු පමණ තුවාල ලැබීය.

අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් අනතුරුව එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු මැදිහත්වීම් අවසන්වීමෙන් පසු අමෙරිකානු නියෝජිතයින් සහ තලෙබාන් නියෝජිතයින් අතර පළමු සාකච්ඡාව අද දිනයේ දෝහාර් හිදී පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.