FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස්ගත පුද්ගලයින් සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය අවසර දී තිබේ .

ඒ අනුව, වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදෙනු ඇති.

ෆයිසර් එන්නත එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට අවසර හිමිව තිබේ.

දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06 කට පමණ පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතුයි.

මේ වනවිට අමෙරිකාවේ වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත්කරණය ද ක්‍රියාත්මක වේ.