පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට සහභාගිවූ රන්ජන් රාමනයාක මන්ත්‍රීවරයා එදින විවාදයට සහභාගී වීමට පැමිණීමට නියමිත වූ රෝහිත අබේගුණවර්ධනට බයේ තම රත්‍රන් මාලය සඟවාගෙන තිබේ. පසුව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා එයට සහභාගී නොවන බව දැනගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එම විවාදය අතරතුරේදීම නැවතත් රත්‍රන් මාල සහ මුදු පැළඳ ගන්නා අකාරය දැකගත හැකිවිය.
“මම ඇත්තටම රෝහිත මන්ත්‍රීතුමා එන හින්ද රත්තරන් මාලේත් ගලවලා ආවේ..මල්ලි ඒ මාලේ ගෙනත් දෙන්න දැන්..දැන් ෂුවර් එකක් තියෙනවනේ ගලවන්නේ නැහැ කියලා..මම ඇත්තටම බයෙන් ආවේ..මොකද එතුමාට චෝදනා තියෙනවනේ කෝච්චි වල මාල කඩාගන්නවා කියලා..”
රන්ජන් රාමනායක මහතා නියොජනය කරන කිසිදු දේශපාලන වැඩසටහනකට එක්සත් ජනතා නිදහස් සන්ධාන සමාජිකයින් සහභාගි නොකිරිමට පක්‍ෂය විසින් තිරණය කර ඇති බව දන්වා රෝහිත අබේගුණවර්ධන හා අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් විවාදයට සහභාගී වී තිබුනේ නැත.








