FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත ක්‍රීඩකයෙකුට පාකිස්ථානයෙන් මරණ තර්ජන

(ෆාස්ට් නිව්ස් |  නවසීලන්තය) – පාකිස්ථාන තරග සංචාරය අවලංගු කර රටින් පිටව ගිය නවසීලන්ත ක්‍රීඩකයෙකුට රටින් පිටවීමට පෙර මරණ තර්ජන එල්ලවී තිබෙනවා.

ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතය පසුගියදා පාකිස්ථානයට පැමිණිය ද ආරක්ෂක හේතූන් මත නවසීලන්ත කණ්ඩායම විසින් සිය තරග සංචාරය අවලංගු කළා.

පාකිස්තානයේ ආරක්ෂාව ඉහළ තත්වයක පවතින මොහොතකදී තරගාවලිය අවලංගු කර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යම් පියවරක් ගත යුතු බවයි පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ඉන්සමාම් උල් හක් සඳහන් කළේ.