FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවක් කිරීමට තහනම්

(ෆාස්ට් නිව්ස් |   ඇෆ්ගනිස්තානය) – කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති පවසා ඇති බව වර්තා වෙයි.

1990 වර්ෂයේ සිට ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටි තලෙබාන් සංවිධානය කාන්තාවන් හට වෘත්තීය රැකියාවක් සහ අධ්‍යාපනය හැදැරීමේ අයිතිය තහනම් කර තිබුණි.

නමුත් අන්තර්ජාතික හමුදා තලෙබාන්වරු පළවාහැර එරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් අනතුරුව කාන්තාවන් සමාජය තුළ නිදහස භුක්ති විඳින ආකාරය දැකගත හැකි විය.

කෙසේවෙතත් අමෙරිකානු හමුදා එරටෙන් ඉවත්වීමෙන් පසු යළිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලෙබාන් සංවිධානය පවසා තිබුණේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවය.

කෙසේවෙතත් රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.