FAST NEWS

24×7 Around the Globe

එන සතියේ දී ලොක්ඩවුන් ඉවතට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ගන්නා බවද ඔහු කියා සිටියේය.

රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාර දෙනු ඇති බව ද ඔහු පැවසීය.

එම නිර්දේශ අනුව රට විවෘත කරන ආකාරය තීරණය කරන බවද ඔහු පවසයි.

රට විවෘත කළ ද පළාත් අතර සංචරන සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.