FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනිසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනිසියාව) – ඉන්දුනිීසියාවේ බන්ධනාගාරයක ඇති වු ගින්නකින් රැදවියෝ 41 දෙනෙක් මියයති. එරට ජාකර්තා අගනුවරට ආසන්නයේ මෙම බන්ධනාගාරය පිහිටා තිබේ.

තංගෙරාම් නමින් හදුන්වන මෙම බන්ධනාගාරයේ ගින්න ඇතිවී ඇත්තේ අද අලුයම බව විදෙස් මාධ්‍ය පවසයි. එම අවස්ථාවේ එහි රැදවියන් දෙදහසක් පමණ සිට ඇත.

තවත් විශාල පිරිසකට තුවාල සිදුවී ඇතැයි වාර්තාවේ. විදුලි පද්ධතියේ ඇති වු දෝෂයක් ගින්නට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.