FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තියේ ප්‍රතිශතය සහ රෝගී ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මේ බව කියා සිටී.

ශ්‍රී ලංකාව කොළ කලාපයක් බවට පත්කර ගැනීම නම් දිනකට හඳුනාගන්නා ආසාදිතයන් ප‍්‍රමාණය 50ට අඩු යුතු බවද ඔහු පැවසීය.

එම වෙනස දකින්න නම් සතියක පමණ කාලයක් අවශ්‍ය වනු ඇතැයිද ඔහු තවදුරටත් කීය.