FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ ප‍්‍රීමියර් ලීගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අකැපයි.

බංගලාදේශ ප‍්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට අවසර ලබා නොදෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් ආයතනය සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකාව නියෝජ නය කරමින් ක‍්‍රීඩකයන් 17 දෙනෙකුට මෙවර තරගාවලිය වෙනුවෙන් අවස්ථාව හිමිව තිබුණි.

නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින මෙම ක‍්‍රීඩකයන්ට තරගාවලිය සඳහා අවස්ථාව නොලැබෙන බව සඳහන් වේ.

නමුත් ක‍්‍රීඩා සමාජ මට්ටමින් ක‍්‍රීඩකයන්ට බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එම කණ්ඩායම් වලින් අවසර ලබාගත හැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත සංචාරය සහ අන්තර් සමාජ පලමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙම ක‍්‍රීඩකයන් සහභාගී විය යුතු වන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පෙන්වා දෙයි.

මෙම තරගාවලි සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ප‍්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි ක‍්‍රීකට් අයතනය පෙන්වා දෙන්නේ. බංගලාදේශ ප‍්‍රීමියර් ලීග් තරගාවලිය මේ මස 24 වනදා ආරම්භ වේ.