FAST NEWS

24×7 Around the Globe

ඉතියෝපියාවේ ලක්ෂ හතරක් ආහාර හිගයක

(ෆාස්ට් නිව්ස් |  ඉතියෝපියාව) – ඉතියෝපියාවේ ලක්ෂ හතරකට අධික පිරිසක් සාගතයෙන් පෙලෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි. ට්‍රිගේ ප්‍රාන්තයේ පවතින ගැටුම් ඊට ප්‍රධාන හේතුවයි.

ඉතියෝපියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේදී පසුගියදා පැවැත්වින. එරට කුඩා ළමයින් 33000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙලෙන බව ආරක්ෂක මණ්ඩලයේ නියෝජිතයෝ එහිදී පෙන්වා දුන්හ. තවත් ලක්ෂ 13 ක් පමණ සාගතය අභියස සිටින බව එම සාකච්ඡාවේදී හෙලි විය.

රජයේ හමුදා හා ට්‍රිගේ ප්‍රාන්ත කැරලිකරුවන් අතර ගැටුම් ආරම්භවී මේ වනවිට මාස අටක කාලයක් ගතවී තිබේ.