FAST NEWS

24×7 Around the Globe

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

(ෆාස්ට් නිව්ස් | තායිලන්තය) –  තායිලන්තය සංචාරකයින් සදහා රට යලි විවෘත කරයි. පලමු සංචාරක පිරිස තායිලන්තයේ ෆුකෙට් දුපතේ සංචාරය කිරීමට නියමිතයි. මැදපෙරදිග ඇතුඵ රටවල සිට සංචාරකයන් 250 දෙනෙකු ගුවන් යානා හතරකින් පැමිණිමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගෙන් කිසිවෙකු නිරෝධායනයට යොමු නොකෙරේ. එහෙත් ඔවුන්ට දින 14 ක් යනතුරු තායිලන්තයේ ප්‍රධාන නගරයට ඇතුඵ විය නොහැක. මෙම වැඩසටහන යටතේ ඉදිරි මාස තුන තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික මුදලක් උපයා ගැනීමට තායිලන්තය අපේක්ෂා කරයි.