FAST NEWS

24×7 Around the Globe

පස්මහා බැලුම් බලලා බැසිල් දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බැසිල් රාජපක්ෂ මහතා ඉතා නුදුරේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කැදවන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 113 ක් අත්සන් කළ ලිපියක්ද ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි.

පස්මහා බැලුම් බලලා බැසිල් දිවුරුම් දෙන බවත්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ සමගිය රටට වාසියක් බවද ඩිලාන් පෙරේරා මහතාද මෙහිදි කියා සිටියා.