FAST NEWS

24×7 Around the Globe

එන්නත ප්‍රතික්ෂේප කළොත් සිරගෙට

(ෆාස්ට් නිව්ස් | පිලිපීනය) – කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ව සිරගෙට යවන බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටෙටේ අනතුරු අඟවයි.

එසේම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු පැවසීය.

“ඔබට එකක් තෝරාගන්න පුළුවන්: එන්නත ලබාගන්න නැතහොත් ඔබව මම සිරගෙට යවනවා,” ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා පැවසීය.

මේ වනවිට එරට මිලියන 110ක් වන ජනගහණයෙන් එන්නත් ලබාදී ඇත්තේ 1.95%ක ප්‍රමාණයකට පමණි.