2016 අයි පී එල් තරගාවලිය සදහා නව කණ්ඩායම් දෙකක් එක්කර ගැනීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ සදහා සුදුසු නගර අටක් මේ වනවිට නම් කර ඇති අතර අදාළ වෙන්දේසිය දෙසැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිතය.
අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය සදහා මෙතෙක් සහභාගි වූ කණ්ඩායම් දෙකක් ඉකුත්දා තහනම් කෙරුණි. ඒ, චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රොයල්ස් යන කණ්ඩායම්ය.
අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ සිදුවූ වංචා සහ දූෂණ විමර්ශනයට පත් කරුණු අර් එම් ලෝදා කමිටුවේ නිර්දේශයකට අනුව එම කණ්ඩායම් තහනම් කෙරුණි.
ඉන් ඇති වු පුරප්පාඩු සදහා මෙම නව කණ්ඩායම් දෙකක් 2016 අයි පී එල් තරගාවලිය සදහා එක්කර ගැනේ.
ඒ අනුව අයි පී එල් තරගාවලිය තවදුරටත් කණ්ඩායම් 8 ක තරගාවලියක් වේ.
තහනම් කරන ලද චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම්වල කී‍්‍රඩකයන් පස් දෙනෙකු බැගින් නව කණ්ඩායමට එක්කර ගැනීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අවසර දී ඇති බව වාර්තා වේ.
ෙ






