FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරයි

(ෆාස්ට් නිව්ස් |ප්‍රංශය) – අවුරුදු 12 සිට 18 දක්වා වූ වයස් කාණ්ඩයේ පසුවන්නන් සඳහා කොවිඩ් -19 මර්දන එන්නත ලබාදෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.   

ඒ අනුව ජුනි 15 වනදා සිට එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව ඔහු පැවසීය.

ප්‍රංශයේ වැඩිහිටි ජනගහනයෙන් 50% ක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර එය එරට හැරවුම් ලක්ෂයක් වන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.