FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායෙල් අගමැතිට බලය අහිමි වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | ඊශ්‍රායලය) – ඊශ්‍රායෙලයේ විරුද්ධ පක්ෂ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ.   

ඒ අනුව වසර 12ක කාලයක් පැවැති එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්හායුගේ බලය අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරුද්ධ පක්ෂයේ පාර්ශ්ව 8ක් ඒ සඳහා එකඟතාවයකට පැමිණ ඇති අතර නැෆ්තාලි බෙනට් එහි නායකත්වයට පත්ව ඇති බව සඳහන්.

කෙසේවෙතත් එරට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකින් මෙම බල හුවමාරුව සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.