FAST NEWS

24×7 Around the Globe

වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු පත්වෙයි

(ෆාස්ට් නිව්ස් | පේරු) – ජනගහණය අනුව වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු රාජ්‍යය පත්වී ඇත.  

එරට කොවිඩ් ආසාධිත මරණ ගණන සටහන්ව තිබුණේ 69 , 342 ක් ලෙසයි.

එහෙත් සංඛ්‍යාලේඛණ දෝෂයක් ඉවත් කිරීමෙන් පසු එය එක් ලක්ෂ 80 දහසක් දක්වා ඉහළ ගියේය.

මේ අනුව පේරු රාජ්‍යයේ සෑම පුද්ගලයන් ලක්ෂයකටම කොවිඩ් මරණ 500 ක් සටහන් වෙයි.

මේ දක්වා ජනගහණයට සාපේක්ෂව වැඩිම කොවිඩ් මරණ අනුපාතය සටහන්ව තිබුණේ හංගේරියාවෙන් වන අතර එය සෑම පුද්ගලයන් ලක්ෂයකටම 300 ක් ලෙස වාර්තා වී තිබුණි.