FAST NEWS

24×7 Around the Globe

මහේලගේ එංගලන්ත උපදේශක තනතුරට රතු එළියක්.

එංගලන්තය සමග පැවති ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (05) පස්වරුවේ සමත් විය.

සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් පාකිස්තානය කණ්ඩායම ලකුණු 127කින් ජයගනු ලැබීය.

පාකිස්ථානය පළමු ඉනිම සඳහා ලකුණු 234 ක් ලබා ගත් අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 306ක් රැස් කළහ.

පාකිස්ථානය දෙවන ඉනිම සඳහා ලකුණු 355ක් රැස් කළ අතර තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමි වූ ලකුණු 284ක් ඉලක්යක් හිමී විය.

එහෙත් එංගලන්තයට සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 156ක් පමණි.

මෙම තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ අංශයේ උපදේශක වරයා ලෙස කටයුතු කළේ මහේල ජයවර්ධනය.

මෛම තරගාවලි පරාජය නිසා බොහෝ විට මහේල ජයවර්ධනට සිය උපදේශක තනතුර අහිමී විමේ අවධානමක් මතුව ඇතැයි ක්‍රීඩා විචාරකයේ අදහස් දක්වති