FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ කොවැක්ස් වැඩපිළිවෙලටද බාධා

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම් වැඩපිළිවෙලටද බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙයි.   

කොවැක්ස් ක්‍රමයට එන්නත් සැපයීමේ ප්‍රධාන පාර්ශවයක් වුයේ ඉන්දියාවේ සීරම් ආයතනයයි.

එහෙත් මේ වනවිට එහි පවතින දැඩි ප්‍රමාදය හමුවේ ඇණවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

පසුගිය මාර්තු මාසයෙන් පසු මේ දක්වා සීරම් ආයතනයෙන් කිසිදු එන්නත් අපනයනයක් සිදුකර නොමැති අතර , කොවැක්ස් පහසුකම ක්‍රියාවට නංවන යුනිසෙෆ් සංවිධානයද මෙමගින් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.

කොවිඩ් දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවේ වෛරස ආසාදිතයින් අඩුවී ඇතැයි වාර්තා වේ.

ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සතිපතා වාර්තා වූ වෛරස ආසාදිතයින් එලෙස අඩුවී ඇති බවය.