FAST NEWS

24×7 Around the Globe

ඔමුරා තල්මසුන්ව ලොව ප්‍රථම වරට සජීවීව කැමරා ඇසට.

අභිරහස් තල්මසුන් විශේෂයක් ලෙස සැළකෙන ඔමුරා තල්මසුන්ව ලොව ප්‍රථම වරට සජීවීව කැමරා ඇසට හසුකර ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිකුත් කර ඇති මෙම වීඩියෝ පටයේ පාරේ ගමන් කරන විශාල බස් රථයක් තරම් වූ ඔමුරා තල්මසෙකු පිහිනා යන අයුරු දැක්වේ.

තල්මසුන් නිරීක්ෂණය කරන කණ්ඩායමක් විසින් ඔමුරා තල්මසුන් රංචුවක් ඉන්දීය සාගරයේ මැඩගස්කර් ආසන්න මුහුදේ සිටින බව හඳුනාගෙන තිබේ.

මීටපෙර කිසිදු අවස්ථාවක සජීවී ඔමුරා තල්මසෙක් ඡයාරූපගත කර හෝ පටිගත කර නොමැති අතර මීටපෙර හමුවූ සෑම ඔමුරා තල්මසෙකුම හමුවී ඇත්තේ එම සත්වයා මිය යෑමෙන් අනතුරුවයි.

ඒ හේතුවෙන් එම මසුන් පිළිබඳ විද්‍යාඥයින් සතු දැනුම අවම වන අතර මේ වනවිට එම විශේෂයේ තල්මසුන් කොපමණ සංඛ්‍යාවක් ජීවත් වනවාද යන්නද හඳුනාගෙන නැත.

[youtube url=”https://www.youtube.com/watch?v=PJA8VTYduSc” width=”560″ height=”315″]