FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිලට ස්කයිප් ඔස්සේ වංචා චෝදනාවක්.

ඕස්ට්‍රේලියා ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂැඩික් අද (5) ඕස්ට්‍රේලියාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ හා සම්බන්ධ වෙමින් උදය ගම්මන්පිල මහතාට වංචා චෝදනාවක් ඉදිරිපත් කළේය.

තමා නඩුවකට පැටලවීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතා උත්සාහ ගනිතියි ගම්මන්පිල මහතා කළ චෝදනාවෙන් දිනකට පසුව මෙම ඕස්ට්‍රේලියා ජාතිකයා පැවසූයේ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් තම සමාගමේ රුපියල් කෝටි 11ක් වංචා කළ පුද්ගලයාට එරෙහිව දැනටම නඩු පවරා ඇති බවයි.

ඕස්ට්‍රේලියා ජාතිකයාගේ සැබෑ ඇටර්නි බලපත්‍ර හිමියා බව කියන ලසිත පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුව අද කොළඹ ජාතික පුස්තකාලයේදී සංවිධානය කළේය.