FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉසුරු එරන්දට ඩෙංගු?

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය – ශිෂ්‍යාවෝ දස දෙනෙක් ඩෙංගු වැළඳී කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

මෙලෙස රෝහල්ගත කර ඇති පිරිස අතර එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉසුරු එරන්ද සිසුවාද වේ.
එම සිසුවා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
මම දින පහක ඉඳන් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර, විශ්වවිද්‍යාලය නිතර පිරිසිදු වුණත් අවට ඇති නිවෙස් කොහොමද දන්නේ නැහැ. එම නිවාස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක්කරනවද දන්නේත් නැහැ. කැම්පස් එකේ තවත් ළමයින්ට ඩෙංගු හැදිලා කියා ආරංචියි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතා මෙසේ පැවසිය.

මෙම විශ්වවිද්‍යාලයේ කුණු කසළ රැගෙන යැමට දිනපතාම මහරගම නගර සභාවෙන් එනවා. ඒ වගේම නිතරම පිරිසිදු කිරීමට සේවකයන් යොදවා සිටිනවා. 13,000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබන මේ විශ්වවිද්‍යාලය කොතරම් පිරිසිදුව තබා ගත්තත් විශ්වවිද්‍යාලය වටා ඇති නිවෙස්වල පදිංචිකරුවන් තමන්ගේ ගෙවතු පිරිසිදුව තබා ගන්නවාද සැකයි. මෙතන ඉගෙන ගන්න අහිංසක ළමයි කීපදෙනෙකුටම දැන් ඩෙංගු හැදිලා. ඒ නිසා එම නිවෙස් ගැන වගකිවයුතු සෞඛ්‍ය අංශ ගිහින් බැලූවොත් හොඳයි.