FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නැතිකරන්න දැන්වත් මට අවස්ථාවක් දෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ආශිර්වාදය ලැබෙයි නම් මේ වන විට රට තුළ පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය තුරන් කිරීමට සහාය ශක්තිය ලබාදීමට තමන් සූදානම් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර සඳහන් කරයි

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

ඉන්දියාවේ කොරෝනා එන්නත මේ වන විට ඉන්දියාවේදීම අසාර්ථක බව ද පවසන ඔහු මහා භද්‍රකාලී පැණිය ගැන හෙළයන්ගේ විශ්වාසය රැකිය යුතු බවද හෙතෙම කියා සිටියි.

මීට මාස කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් කොවිඩ් ආසාදනය වීම මර්දනය කළ හැකි යැයි හඳුන්වා දුන් දේශීය ඖෂධීය පානයක් පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති විය.

විශේෂයෙන්ම මෙම පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ටම කොවිඩ් 19 ආසාදනය වීමත් සමගම බොහෝ දෙනා මෙම “ධම්මික පැණියේ” සාර්ථකත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.