FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සිටින ඇමරිකානුවන්ට එරටින් පිටවන්නැයි දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – හැකි ඉක්මණින් ඉන්දියාවෙන් පිටවන්නැයි ඇමෙරිකාව විසින් එරට සිටින සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.  

ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන කොවිඩ් වසංගතය ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටත්ව යාම සඳහා සිය පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන්සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන ඇත.