FAST NEWS

24×7 Around the Globe

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික ආර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.   

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අස්වනු නෙලීම ආරම්භ වී ඇති හෙයින් මෙම තීරණයට එළැඹි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන් මෙවර විශාල අර්තාපල් අස්වැන්නක් අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව අර්තාපල සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.