FAST NEWS

24×7 Around the Globe

සන්ධානයේ 10ක් ගැලවී වෙනමම තරග බිමට.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ 10 ක් සන්ධානයෙන් ඉවත් වී වෙනම තරග කිරීමට තීරණය කර තිබේ.

මෙම පක්ෂ සමග ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා නියෝජනය කරන ජනතා සේවක පක්ෂයත් ඇතුලත් කර ගැනීමට තීරණය කර ඇත.

ජාතික නිදහස් පෙරමුණ මූලිකත්වයෙන් මෙම නව සන්ධානය ගොඩනැගීමට නියමිතව තිබේ.