FAST NEWS

24×7 Around the Globe

නවදිල්ලිය තවත් සති දෙකකට වසයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ආසාදන හා මරණ වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත් සමග රටේ කොවිඩ්-19 අර්බුදය මහා ව්‍යසනයක් බවට පත්වී ඇති පසුබිමක ඉන්දියාවේ නවදිල්ලියේ දැනට පවතින ලොක්ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    

ඒ අනුව ඉන්දීය අගනුවර පසුගිය සතියේ පනවා තිබූ මෙම ලොක්ඩවුන් සීමාවන් මැයි 3 දා දක්වා පවතිනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.