FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොවිඩ් අර්බුදයට ඇමරිකාවේ සහාය

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව ඇමරිකාව පවසයි.   

පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සිය රට පීඩාවට පත්වූ අවස්ථාවේ දී ඉන්දියාව දැක්වු සහායට ප්‍රතිඋපකාර වශයෙන් එරටට සහායවීමට කටයුතු කරන බවද ඔහු සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබේ.