සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සදහා සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (05) ප්‍රකාශයට පත් කෙරුණා.
මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංගයි. ටී එම් ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, ඇන්ජෙලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන සහ චාමර කපුගෙදර යන කී‍්‍රඩකයන්ද ඊට ඇතුළත්.
දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, දුෂ්‍යන්ත චමීර, නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සී, බින්ඩ්රා ප්‍රනාන්දු සහ තිසර පෙරේරා යන කී‍්‍රඩකයන් එහි සෙසු සාමාජිකයන් වනවා.
මෙම කණ්ඩායමට කී‍්‍රඩා අමාත්‍යවරයාගේද අනුමැතිය ලැබුණු බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ. අදාළ තරගාවලියට තරග දෙකක් ඇතුළත් වනවා. පළමු තරගය ලබන 9 වනදා පල්ලෙකැලේදීද දෙවන තරගය ලබන 12 වනදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී්රඩාංගණයේදීද පැවැත්වීමට නියමිතයි.






