FAST NEWS

24×7 Around the Globe

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබන පුද්ගලයන්ගේ වයස වැඩිවීම අනුව එහි ප්‍රතිඵලය ඉහළ යා හැකි බව යුරෝපීය ඖෂධ නියාමන ආයතනය පවසයි.

ඒ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුවයි.

එමගින් ඊයේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ රුධිරානු සංඛ්‍යාවේ අඩුවීමක් සමඟ රුධිර කැටිති ඇතිවීමේ දුර්ලභ අවස්ථාවක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණයේදී ඇතිවිය හැකි බවයි.

ඒ සඳහා පවතින්නේ ලක්ෂයකට එක් අවස්ථාවක් බව ද මෙහිදී අවධාරණය කෙරුණි.

කෙසේ නමුත්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්‍රතිඵලදායක බව එමගින් ඇති වන අවදානම අභිබවා යන බවද යුරෝපා ඖෂධ නියාමනය අවධාරණය කර සිටියේය.