FAST NEWS

24×7 Around the Globe

රහස් පොලිසියට කැඳවූ හරීන්ව බලන්න සජිත් රෝහලට යයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ එහි ගියේය.  

හරීන් ප්‍රනාන්දු මහතාට අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරු පවසා සිටියේ ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය 21දා පාර්ලිමේන්තුවේ දී පැවැති ගැටුම්කාරී තත්ත්වයට ද මැදිවූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කතානායකවරයා විසින් කමිටුවක් ද පත්කරනු ලැබීය.