FAST NEWS

24×7 Around the Globe

සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්

(ෆාස්ට් නිව්ස් | ඉන්දුනීසියාව) – සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.   

එය සොයාගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සබ්මැරීනය බාලි දූපතට උතුරින් ගැඹුරු මුහුදේ අභ්‍යාසයකට එක්වීමෙන් අනතුරුව නැවත පැමිණ නැත.

ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනය සොයාගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පුරුවේ සහය ද ඉල්ලා තිබේ.