දැනට ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාර වෙනුවට මුදල් ලබාදීමට රජය එකඟ වී ඇතැයි ‘පිවිතුරු හෙටක්’ ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (04දා) පැවසූහ.
ඒ අනුව ලබන වසර සඳහා ගෙනඑන අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කරන බවට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කෘෂිකර්ම ඇමතිවරයා එකඟ වී ඇතැයි උන්වහන්සේ කියා සිටියහ.
කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්ම විජය පදනම් ශාලාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මහ කන්නය තුළද එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය එකඟ වී තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන ගොවීන්ට අදාළ ගොවිජන සේවා කාර්යාලය වෙත ගොස් එම කාර්යය ඉටුකර ගත හැකි බවත්ය.
කෘෂි කර්මාන්තයට රසායනික පොහොර යෙදීම නිසා පසට වස විස එකතුවීමෙන් ඒ හරහා මහජනතාව රෝගීන් බවට පත්වීම යන කාරණය පිළිබඳව පසුගිය කාලපරිච්ඡේදය පුරා තමන් වහන්සේ නිහඬව වැඩසටහනක් සංවිධානය කළ බවද උන්වහන්සේ පවසා සිටියහ. මෙම කටයුත්තේදී තමන් වහන්සේ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන බවද රතන හිමියෝ කීහ.
පොහොර සහනාධාරය ලබාගැනීමෙන් වැළකී ඒ සඳහා මුදල් ලබාගැනීමට කටයුතු කළහොත් එය ගොවීන්ට ආර්ථික අතින් වාසි සහගත බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මීට අමතරව නොමිලයේ බිත්තර වී ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් වන බවත්, ඒ සඳහා අදාළ ගොවිජන සේවා කාර්යාලවලට ගොස් උපදෙස් ලබාගන්නා ලෙසත් අතුරලියේ රතන හිමියෝ ගොවීන්ගෙන් ඉල්ලා සිටියහ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.