FAST NEWS

24×7 Around the Globe

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව වසර 8 ක ක්‍රිකට් තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ට එරෙහිව වසර 8 ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.   

අයි.සී.සී දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් එම තහනම පනවා තිබෙන අතර , ඒ අනුව එම කාලය තුළ ඔහුට ක්‍රිකට් සම්බන්ධ කිසිදු දෙයක් හා සම්බන්ධ වීම තහනම් වේ.