FAST NEWS

24×7 Around the Globe

රාවුල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

(ෆාස්ට් නිව්ස් | කියුබාව) – කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පිදෙල් කැස්ත්‍රෝ ගේ සහෝදරයා වන රාවුල් කැස්ත්‍රෝ නිළ වශයෙන් දන්වා තිබේ.    

පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදීමට තමා සූදානම් බව දන්වා තිබේ.

1959 සිට දශක 06ක පමණ කාලයක් කැස්ත්‍රෝ පවුලට හිමිව තිබූ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය වෙනත් පාර්ශවයකට හිමි වීමට නියමිතය.

ඒ අනුව දින 04ක් පුරා පැවැත්වෙන කොංග්‍රස් රැස්විමේදී ඡන්ද විමසීමක් මගින් නව නායකයා තෝරා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.