FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෙළඳ සංගමයෙ සභාපති යූ.බී. ඒකනායක සඳහන් කළේ, එළවළු තොග රැගෙන ගොවීන් පැමිණ සිටියත් ව්‍යාපාරිකයන්ගේ පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙන බවයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් 12 වනදා පස්වරුවේ වැසුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘත කෙරෙන්නේ දින දෙකකට පසුවයි.