FAST NEWS

24×7 Around the Globe

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

(ෆාස්ට් නිව්ස් |  යුක්රේනය) – චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා 215,000 ක් පමණ සෞඛ්‍ය බලධාරීන් විසින් සමාලෝචනය කර සම්මත කර ඇති බවත්, එම එන්නත් වහාම භාවිතය අරඹන බවත් යුක්රේන සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් ඊයේ (13දා) කියා සිටියේය.

මෙම එන්නත් ලබාදීමේදී ආරක්ෂක අංශවලට මෙන්ම, නිදහසේ ගමන් කිරීමට නොහැකි අයටද ප්‍රමුඛතාවය දෙන බව යුක්රේනය කියයි.

මිලදී ගැනීමේ ගිවිසුමට අනුව සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රා මිලියන 1.7ක් ඉක්මනින් ලබාගැනීමටද නියමිතව තිබේ.

සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා 200,000ක පළමු තොගය පසුගිය මාර්තු 25දා යුක්රේනයේ කියෙව් නගරය වෙත පැමිණියේය.