FAST NEWS

24×7 Around the Globe

කාන්තාව කසිප්පු බී වෙරි මතේට වල් නාශකෙත් බිලා.

රඹුක්කන, පත්තම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක් කසිප්පු පානය කිරීමෙන් පසු කුඹුරුවලට භාවිත කරන වල් නාශක තෙල් වර්ගයක් පානය කිරීමෙන් පෙරේදා (2දා) මරණයට පත්වී ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ උඩුගම, පත්තම්පිටිය, රඹුක්කන පදිංචිව සිටි 50 හැවිරිදි පස්දරු මවක් බව පොලිසිය කියයි.

සිය ස්වාමිපුරුෂයා විසින් මේ කාන්තාවට මත්ද්‍රව්‍ය පානය කිරීම පුරුදු කර ඇති බවත් පසුව ඇයට මත්ද්‍රව්‍ය නොමැතිව ජීවත් වීමට නොහැකි වී ඇත.

මියගොස් සිටින කාන්තාවගේ දරුවන් පස්දෙනා විවාහ වී නිවෙසින් බැහැරව ඇති අතර සිය සැමියා සමඟ ජීවත්ව සිට ඇති ඇය තම වැඩිමහල් සහෝදරියක් මියයෑම සම්බන්ධයෙන්ද කනස්සල්ලෙන් සිට ඇති බවත් පොලිසිය කියයි.

ඉකුත් 1 වැනිදා සවස මෙම කාන්තාව මත්ද්‍රව්‍ය පානය කර කුඹුරුවලට යොදන වල් නාශක තෙල් වර්ගයක්ද පානය කර ඇති අතර පසුව රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල මහ රෝහල වෙත එවා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (2දා) අලුයම මියගොස් තිබිණි.

මියගිය කාන්තාවගේ හදිසි මරණ පරීක්‍ෂණය පෙරේදා (2දා) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය චතුරානි අබේකෝන් මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර වෛද්‍ය වාර්තාවට දෙන ලද කරුණු සැලකිල්ලට ගෙන වස වර්ගයක් පානය කිරීමෙන් සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බවට කෑගල්ල නාගරික රෝහලේ හදිසි මරණ පරීක්‍ෂිකා රේණුකා එස්.

කළුආරච්චි නිශ්ශංක මහත්මිය නිගමනය කළාය.