FAST NEWS

24×7 Around the Globe

රුසියානු ගුවන් යානා අනතුර පිටිපස ඇමරිකාව?

ඊජිප්තුවේදී රුසියානු මගී ප‍්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්වීම ඇමරිකාව විසින් සිදුකරන ලද්දක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි ඇමරිකානු දේශපාලන විශ්ලේෂක ජේම්ස් හෙන්රි ෆෙට්සර් පවසා ඇත.

ඊජිප්තුව සිට රුසියාව කරා ගමන් කරමින් සිටි එයාර්බස් A321-200 වර්ගයේ යානය හදිසියේ සිනායි අර්ධද්වීපයට කඩාවැටුණු අතර ගමන් කරමින් සිටි මගීන් හා කාර්යමණ්ඩලය ඇතුළු 224 දෙනෙකු මෙයින් මියගියහ.

ෆෙට්සර් පවසා ඇත්තේ ඇමරිකාව වෙත ඩ්‍රෝන කඳවුරක් පිහිටුවීමට අවසරය හා මුදල් ලබාදීම වෙනුවෙන් ඊජිප්තුවට යුධ නෞකා ලබාදී ඇති බව CIA සංවිධානය තුළ ඇති ආරංචි මාර්ග හරහා අනාවරණය වූ බවයි.

මෙම නව ඩ්‍රෝන යානයන්ට අඩි 45000ක උන්නතාංශයක් තුළ පවා ක‍්‍රියාත්මක විය හැකි බවත් රුසියානු යානය විනාශ වූයේ මෙවැනි ඩ්‍රෝනයක සිට එල්ල කළ මිසයිලයකින් හෝ ගුවනේදී ඩ්‍රෝනයක් ගැටීමට සැලැස්වීමෙන් වන්නට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි.

මෙමගින් ඇමරිකානු රජයේ දෙබිඩි ප‍්‍රතිපත්ති මෙන්ම ලොව ප‍්‍රමුඛතම ත‍්‍රස්තවාදී රාජ්‍යයේ දේශපාලන න්‍යාය පත‍්‍රය වෙනුවෙන් අහිංසක ජීවිත බිලිගැනීමට එය නොපැකිළෙන බව තහවුරු වන බව ජේම්ස් හෙන්රි ෆෙට්සර් පවසා තිබේ.

සංවිධානයට සම්බන්ධ ඊජිප්තු සටන්කාමී සංවිධානයක් විසින් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන ඇතත් යානා අනතුරට හේතුව නිගමනය කිරීමට හදිසි නොවන බව රුසියානු බලධාරීන් අවධාරණය කර ඇත.