FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුගේගොඩ නගරයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක දෙවන මහලේ අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණි.

පොලීසිය සහ ගිනි නිවීම් ඒකක ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේ වනවිට ගිනි සම්පූර්ණයෙන් පාලනයකර ඇති බවය.