FAST NEWS

24×7 Around the Globe

හමුදා පාලනයෙන් මිදී ඉන්දියාවට පළා එන මියන්මාර සරණාගතයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් |  මියන්මාරය) – මියන්මාර හමුදා විසින් එරට පාලන බලය අත්කරගැනීමත් සමග ඉන්දියාවට පලා එමින් සිටින මියන්මාර සරණාගතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. 

දේශ සීමා ඔස්සේ කැළෑබද ප්‍රදේශයන් සහ භූගත නළ මාර්ග ඔස්සේ මෙම සරණගාතයන් ඉන්දියාවට පළා එමින් සිටියි.

පසුගිය පෙරබරවාරි මස 01 වනදා මියන්මාර හමුදා විසින් පාලන බලය ලබා ගැනීමත් සමග එරට තුළ ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ විය.

මේ හේතුවෙන් මුල් දින කිහිපයේදී පළා එන සරණාගතයන්ට රැකවරණය දීම ඉන්දියාව විසින් සීමා කර තිබුණද අද වනවිට එවැනි සීමාකිරීමක් නොමැති බව ද විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවදිී ලීගයේ නායිකා අවුන්සාන් සුචී මහත්මිය ඇතුලු පාලන බලයේ සිටි දේශපාලනඥයන් රැසක් මේවනවිට මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවනවා.

හමුදා පාලනයට රට නතුවීමත් සමග ඇරඹි විරෝධතා හමුවේ අදවනවිට මරණයට පත්ව ඇති මියෙන්මාර වැසියන් සංඛ්‍යාව 600කට අධිකයි.