FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියානු ජනතාවට ජනපති කිම් ජොන් අනතුරු අඟවයි

(ෆාස්ට් නිව්ස් | උතුරු කොරියාව) –  දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීම සදහා සූදානම්වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් අනතුරු අඟවයි.   

සිය පක්ෂ සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කණ්ඩායම් විසින් උතුරු කොරියාව ආර්ථික අස්ථාවරත්වයකට සහ  දැඩි ආහාර හිගයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීම හේතුවෙන් බව වාර්තා වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් උතුරු කොරියාව  පසුගිය කාල සීමාව පුරා දේශසීමා වසාදමා තිබුණි.

ඒ හේතුවෙන්, චීනය ඇතුළු රටවල් සමග ඇති වෙළෙඳ සම්බන්ධකම් ද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හේතුවෙන් දශක කිහිපයක සිට එරටට ආර්ථික සම්බාධකවලට මුහුණදීමට සිදුව තිබේ.