FAST NEWS

24×7 Around the Globe

කැරොලයින් නිහඬතාවය බිඳ දමමින් කරළියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි පසුගියදා විවාහක කිරුළේ තරඟය අතර සිදුවූ සිදුවීම සම්බන්දයෙන් නිහඬව සිටින අතර ඇය සිය නිහඬතාවය බිදීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.    

එම ආරංචි මාර්ග සඳහන් කළේ ඇගේ කතාවේ ඇගේ පැත්ත හෙළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම මේ වනවිට ඇයට ඇයගේ නීතිවේදීන් ලබා දී ඇති උපදෙස් වලට අනුව නිහඬව සිටින බව ද වාර්තා වේ.

ආරංචි මාර්ග වලට අනුව, ඇය මහත්මිය හෙට (08) දිනයේදී මාධ්‍යයට අදහස් දක්වනු ඇතැයි අපේක්ෂා කළ නමුත්, හෙට නැවත පොලීසියට ඉදිරිපත් වීමට නියමිත බැවින් අදහස් දැක්වීමට නිශ්ශිත දිනයක් ප්‍රකාශයට පත් කර නැත.