FAST NEWS

24×7 Around the Globe

එළැඹෙන 13 දා පොළොවට පතිත වන්නේ ඇත්තටම මොකද්ද?

එළැඹෙන 13 දා පොළොවට පතිත වීමට නියමිත ආකාශ වස්තුව එදින උදේ 11.48 තත්පර 30 හා 11.49 තත්පර 20 අතර කාලයේදී හම්බන්තොට පහළ මුහුදේ ඉන්දියන් සාගරයට කිලෝමීටර් 60 ක් දුරින් මුහුදට වැටෙන්නට ඉඩ ඇති බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සරාඡ් ගුණසේකර මහතා කීවේය.

කෙසේ වුවද මෙම කුහර සහිත ආකාශ වස්තුව ග‍්‍රහ වස්තුවක කොටසක් නොවන රොකට් එකක කොටසක් විය හැකි බව ද ඔහු අවධාරණය කළේය. මෙම ආකාශ වස්තුව බටහිර සිට නැගෙනහිරට ගමන් ගන්නා බැවින් වායුගෝලයේ ඝර්ෂණය අනුව එය පොළොවට පතිත වන ස්ථානය වෙනස් විය හැකි බවත් ලබන 10 හෝ 11 දින නිවැරැුදිවම මෙය පොළොවට පතිත වන ස්ථානය සඳහන් කළ හැකි බවත් ඔහු කීවේය.
ජයසූරිය උඩුකුඹුර