FAST NEWS

24×7 Around the Globe

දියවැඩියාවට ගුණ නිරෝගී සහල් එනවා.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දියවැඩියාව ට ගුණදායක බාස්මති වර්ගයේ රතු සහලක් “ නිරෝගී සහල් “ නමින් මේ මාසයේදී හඳුන්වා දෙන බව එහි අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් පවසයි.

මෙම වී වර්ගය මුලින්ම බතලගොඩ වි පර්යේෂණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිපදවා ඇත.

අනතුරුව එහි පරික්ෂණ තෙත් වියළි හා අතරමැදි කලාපවල වගාකර සාර්ථක ප්‍රතිපල කොළ පාළුවටත් ගොක් මැස්සාගේ දුඹුරු පැල හානියටත් ඔරොත්තු දෙන බවත් බොහෝ බාස්මති සහල් ඉන්දියාව පකිස්තානය වැනි රටවල නිපදවන බවත් එහි ගුණාත්මක බවද ඔහු කියයි.